25 March 2023
සිංහල | English

AI නිසා ඔබේ රැකියාවත් අනතුරේද? - මෙතැනින් බලන්න



AI තාක්ෂණය අපගේ එදිනෙදා ජීවිතයට බද්ධ වී ඇත්තේ, කිසිවෙකුත් නොසිතූ අයුරින්. 

 
එය අපි මේ දක්වා භාවිතා කරන සෑම තාක්‍ෂණයකින්ම සමන්විත වන බව කියන්න පුළුවන්. 
 
මේ හේතුවෙන් අනාගතයේදී අපේ රැකියා වල ආරක්ෂාව පිළිබඳව ඇත්තේ ඉතා ගැටලුකාරී තත්ත්වයක්. 
 
රොබෝවරු ලෝකය අත්පත් කර ගන්නා කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත්, AI තාක්ෂණය සමහර රැකියා සහ කර්මාන්ත අත්පත් කර ගන්නා දිනය නම් වැඩි ඈතක නෙමෙයි. 
 
ඒ අනුව AI තාක්ෂණය මිනිස් ශ්‍රමය අභිබවා යමින්, රැකියා සිය ගණනක් නිර්මාණය කරන බව විද්වතුන් ප්‍රකාශ කර තිබෙනවා. 
 
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, මිනිසුන්ට වඩා එම රැකියාව කිරීමට AI තාක්ෂණයට ඇති හැකියාව පෙන්වමින් රොබෝවරු නිර්මාණය කිරීම මන්දගාමී කලයුතු බවයි. 
 
එසේ නොවුණහොත් ව්‍යාපාර විසින් රැකියා සඳහා මිනිසුන් වෙනුවට AI රොබෝවරු යොදා ගන්නා අතර, මිනිසුන් හට රැකියා සොයා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදා වීම නියත වශයෙන්ම සිදුවන දෙයක් බවද විද්වතුන් පවසනවා. 
 
ඒ අනුව ඔවුන් මෙසේ අහිමිවන රැකියා 12ක් පිළිබඳව සඳහන් කර තිබෙනවා. 
 
එම රැකියා වන්නේ., 
 
1. Customer service executives 
2. Bookkeeping and data entry 
3. Receptionists 
4. Proofreading 
5. Manufacturing and pharmaceutical work 
6. Retail services 
7. Courier services 
8. Doctors 
9. Soldiers 
10. Taxi and bus drivers 
11. Market research analysts 
12. Security guards 
 
මීට අමතරව අවධානමට ලක්නොවන රැකියා ලැයිස්තුවක්ද ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. 
 
එම රැකියා වන්නේ., 
 
1. CEO’s 
2. Religious leaders 
3. Editors 
4. Event planners 
5. Graphic Designers 
6. Lawyers 
7. Marketing Managers 
8. Scientists 
9. Writers 
10. Psychiatrists 
11. Software developers and engineers 
12. Public Relations Managers
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)