01 December 2022
සිංහල | English

විදේශ රැකියා නියෝජිත ආයතන 13ක බලපත්‍ර අවලංගු කරයි



වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා. 

සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව, විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමග ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග කාර්යාංශය විසින් ගෙන තිබෙනවා. 
 
එහිදී ගරු අධිකරණයෙන් වරදකරුවන්වීම හා අධිකරණය මගහැරීමටද අදාල ආයතනයන්හි හිමිකරුවන් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට ලබාදී තිබූ කාර්යාංශ බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටයි කාර්යාංශය කටයුතු කර ඇත්තේ. 
 
විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වනවා. 
 
එසේ බලපත්‍රයක් ලබාගැනීමේදී 1985 අංක 21 දරණ කාර්යාංශ පනත හා 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධිත පනත් ප්‍රකාරව, විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසා දීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීමයි.
 
බලපත්‍ර අවලංගු කරන ලද රැකියා නියෝජිතායතන නම් ලැයිස්තුව පහතින්... 
1. M.W.Merchant Prince - බලපත්‍ර අංකය 2220 
2. A.N.Lanka Enterprises - බලපත්‍ර අංකය 1581 
3. Arabian overseas manpower services - බලපත්‍ර අංකය 1128 
4. Al Amal company Ceylon (Pvt) Ltd - බලපත්‍ර අංකය 1085 
5. Al Zahara - බලපත්‍ර අංකය 2217 
6. Fainaz Associated (Pvt) Ltd - බලපත්‍ර අංකය 0803 
7. Lakmal Travels - බලපත්‍ර අංකය 1273 
8. Sathya Foreign Employment Agency - බලපත්‍ර අංකය 1033 
9. Shehani Recruitment - බලපත්‍ර අංකය 1393 
10. Sahara Enterprises - බලපත්‍ර අංකය 1956 
11. Tara Inte ational (Pvt) Ltd - බලපත්‍ර අංකය 0777 
12. Sanjana Manpower Exchange - බලපත්‍ර අංකය 1083 
13. Dhacol Trade & services (Pvt) Ltd - බලපත්‍ර අංකය 1499
(colombotimes.lk)