01 December 2022
සිංහල | English

ජනාධිපති සහ සින්ඩි මැකේන් අතර සාකච්ඡා



රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය සින්ඩි මැකේන් මහත්මිය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවති බව වාර්තා වනවා.

ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බව ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සිය ටුවිටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්ම හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සොයා බලා ඇති බව වාර්තා වනවා.
(Colombotimes)