පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) පාර්ලිමේන්තුවේ දැක්වූ ප්‍රතිචාරයක් මාධ්‍ය කිහිපයකින් මෙලෙස අර්ථය විකෘති වන ආකාරයට වාර්තා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ.
(colombotimes.lk)