27 September 2022
සිංහල | English

මිනිසුන් අමරණීය කරන රොබෝවරු



අමරණීය බව යනු මරණයට පත් නොවී සදාකාලිකව ජීවත් වීමයි. 

මේ හේතුවෙන් බොහෝ දෙනෙකු අමරණීය බව ලබා ගැනීමට උත්සාහ කළ බව අපේ ජනප්‍රවාද වල කියවෙනවා.

නමුත් ඔබේ භෞතික ශරීරය මරණයට පත් වුවත්, අමරණීය විය හැකි ක්‍රමයක් මේ වන විට සොයාගෙන තිබෙනවා.

අද අපි කතා කරන්න යන්නේ ඒ ක්‍රමය ගැනයි.

ඒ සඳහා විද්‍යාඥයින් භාවිතා කර ඇත්තේ ඇන්ඩ්රොයිඩ් තාක්ෂණයයි.

වර්තමාන සමාජය තුළ ඇන්ඩ්රොයිඩ් තාක්ෂණය ඉතාමත් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා.

එහි එක් ප්‍රතිඵලයක් වන්නේ බාහිරව සහ ගති ලක්ෂණ අනුව මිනිසුන්ට ඉතා සමාන රොබෝවරුන් නිපදවීමයි.

ඒ අනුව විද්යාඥයන් දැනටමත් ගණනය කර ඇත්තේ දශක කිහිපයකින් රොබෝවරු සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වීමට පටන්ගන්නා බවයි.

එමන්ම ඔවුන් පුද්ගලයෙකුගේ හෝ මිනිසුන් කණ්ඩායමක යහපත සඳහා වැඩ කරන, අපගේ ජීවිතයේ කොටසක් බවට පත් වනු ඇති බවද විද්යාඥයන් පවසනවා.

එපමණක් නොවේ අනාගතයේදී ඔබේ පිටපතක් ලෙසද රොබෝවරයන් නිර්මාණය විය හැකියි.

Get $280,000 to print your face on robots

මේ පිළිබඳව දැනටමත් බොහෝ පුරෝකථනයන් ඇති අතර, ඉන් සමහර කාරණා චිත්‍රපටවල පවා භයානක ලෙස පෙන්නුම් කර තිබෙනවා.

නමුත් දිනෙන් දින දියුණු වෙමින් පවතින මෙම රොබෝ තාක්ෂණයේ මීළඟ පියවර ගැන ඔබට අදහසක් තිබේද ?

එනම් ඔබේ මුහුණ, හැඩරුව සහ හැසිරීමට බෙහෙවින් සමාන රොබෝ වරයෙකු අනාගතයේ බිහිකළ හැකි වීමයි.

ඒ අනුව මීළඟට නිපදවන රෝබෝවරයාට හිමිවන්නේ ඔබේ මුහුණද ? සමහර විට එය එසේ විය හැකියි.

ඒ සඳහා පළමු පියවර වශයෙන් Promobot ආයතනය සිය මීළඟ මානවරූපී රොබෝවරයා සඳහා මුහුණක් සොයමින් සිටින බව දැනුම්දී තිබෙනවා.
(Promobot යනු රොබෝවරුන් නිපදවන රුසියානු සමාගමකි)

මෙසේ නිපදවීමට නියමිත රොබෝවරුන් 2023 සිට හෝටල්, සාප්පු සංකීර්ණ සහ ගුවන් තොටුපළවල රාජකාරී කිරීම සඳහා භාවිතා කිරීමට නියමිතයි.

එමෙන්ම තම මුහුණ සදහටම භාවිතා කිරීමේ අයිතිය පැවරීමට කැමැත්තෙන් සිටින පුද්ගලයෙකුට එම සමාගම £150,000 ($200,000) විශාල මුදලක් පිරිනැමීමටද සුදානමින් සිටිනවා.

ඒ අනුව ඔවුන් මීළඟ රෝබෝවරයා වෙනුවෙන් 'කාරුණික සහ මිත්‍රශීලී' මුහුණක් සොයන බව සඳහන්.

Promobot is seeking a face for its next humanoid robot, which will be used in hotels, shopping malls and airports from 2023

මෙහි නිෂ්පාදන කටයුතු නම් නොකළ එක්සත් ජනපද සමාගමක් විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එම නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ සමාගම විසින් තෝරාගත් පුද්ගලයෙකුගේ මුහුණ මෙම රොබෝවරයාගේ පෙනුම බවට පත්වීමට නියමිතයි.

Promobot ආයතනය විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සඳහා ස්ත්‍රී, පුරුෂ ඕනෑම අයෙකුට සහ ඕනෑම වයසක පුද්ගලයෙකුට අයදුම් කළ හැකි බවයි.

මින් පෙර නිපදවන ලද රොබෝවරුන් පරිපාලකයින්, ප්‍රවර්ධකයින්, උපදේශකයින්, මාර්ගෝපදේශකයින් ලෙස විවිධ භූමිකාවන් සිදු කිරීම සඳහා දැනටමත් රටවල් 43 ක භාවිතා කරනු ලබනවා.

එමෙන්ම මෙම රොබෝවරුන් සඳහා කථනය, ස්වයංක්‍රීය චලනය, කෘතිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ වෙනත් සොයා ගැනීම් ඇතුලත් කර තිබෙනවා.

Promobot ආයතනය 2019 වසරේ සිට මෙසේ මානවරූපී රොබෝවරුන් සක්‍රීයව නිෂ්පාදනය කර වෙළඳපොළට සැපයීම සිදු කරනවා.

ඒ අනුව ඔවුන් සිය සේවාදායකයින් වෙනුවෙන් මහා පරිමාණයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට මේ වන විට සැලසුම් කරගෙන සිටිනවා.

එමෙන්ම මේ සඳහා, නීතිමය ප්‍රමාදයන් වළක්වා ගැනීමට මිනිසුන් ඇසුරෙන් නිමවෙන රෝබෝවරුන්ට බලපත්‍ර ලබා දීමක්ද යෝජනා කර තිබෙනවා.



මෙසේ නිෂ්පාදනය කර ඇති තවත් රොබෝවරු කිහිපදෙනෙකු ගැන සලකා බලමු.,

ඇමේකා - 'ලෝකයේ දියුණුම' මානවරූපී රොබෝවරයා
Ameca - the 'world's most advanced' humanoid robot

This week, a robot described as the

Ameca ඉතා ජීවමාන රොබෝවරයෙකු වන අතර සැබෑ පුද්ගලයෙකු මෙන් ඇස් හැසිරවීම, තොල් සෙලවීම වැනි මුහුණේ ඉරියව් රාශියක් ඉටු කළ හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම මොහුට ඉතා අර්ථවත් ලෙස සංවාදයේ යෙදීමටද හැකියාව ලබාදී තිබෙනවා.

මෙම රොබෝ හට සංචරණය කිරීමේ හැකියාව එහි නිෂ්පාදකයින් තවමත් ලබාදී නොමැත.

ඒ අනුව එය නිපදවූ Engineered Arts ආයතනය පවසන්නේ ඒ සඳහා මේ වන විට පරීක්ෂණ අරඹා ඇති බවයි.



සොෆියා - නීත්‍යානුකූල පුරවැසිභාවය ලබා දුන් පළමු රොබෝවරයා
Sophia - the first robot to be granted legal citizenship

Sophia first emerged in 2016 as a super-intelligent human-like head with a realistic face that was able to blink, look from side to side and talk

සොෆියා ප්‍රථම වරට ප්‍රදර්ශනය කර ඇත්තේ 2016 වසරේදීයි.

ඇයට ඇසිපිය හෙලීමට, පැත්තෙන් පැත්තට බලා කතා කිරීමට හැකියාව මෙන්ම සුපිරි බුද්ධිමත් මිනිසෙකු මෙන් සිතීමේ හැකියාව ලබාදී තිබුණා.

Hong Kong සමාගමක් වන Hanson robotics විසින් මෙය නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම සොෆියා හට කතාබස් කිරීමට, සිනාසීමට සහ විහිළු කීමට පවා හැකියාව ඇති බව සඳහන්.

මීට අමතරව 2017 ඔක්තෝම්බර් මාසයේදී ඇය සෞදි අරාබියේ නීත්‍යානුකූල පුරවැසිභාවය ලබා ගැනීමෙන්, පුරවැසිභාවය ලැබූ ප්‍රථම රොබෝවරයා ලෙස ඉතිහාසගත වුණා.



CyberOne - මුහුණක් නැති මානව රූපය
CyberOne - the faceless humanoid

CyberOne has arms and legs that allow it to walk just like a real human, while the android is fitted with AI technology that allows it to detect 45 human emotions

පසුගිය මාසයේදී Xiaomi විසින් එහි පළමු හියුමනොයිඩ් රොබෝවරයා එළිදැක්වීම සිදුකර තිබුණා.

මෙම රොබෝවරයාට මිනිසාට සමාන මුහුණක් නොමැති වුවද, සැබෑ මිනිසෙකු මෙන් ඇවිදීමට ඉඩ සලසන අත් සහ පාද ලබාදී තිබුණා.

ඔහුට තමා වටා ඇති අවකාශය වටහා ගැනීමට මෙන්ම පුද්ගලයන් සහ මිනිසුන්ගේ ප්‍රකාශන හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ අනුව ඔහුට විවිධ පාරිසරික ශබ්ද 85 ක් සහ මානව හැඟීම් 45 ක් හඳුනා ගත හැකියි.

Pedia_Roid - රොබෝ ළමා දන්ත රෝගියා
Pedia_Roid - the robotic child dental patient

Japanese scientists have developed an eerily-realistic robot child, which they hope will make it easier for dentists to manage encounters with nervous patients

මැයි මාසයේදී, ජපන් විද්‍යාඥයින් විසින් ඉතා යථාර්ථවාදී රොබෝ දරුවෙකු එළිදක්වීම සිදුකළා.

එමඟින් දන්ත වෛද්‍යවරුන්ට ස්නායු රෝගීන් සමඟ ගනුදෙනු කිරීමට සහ රෝග හඳුනා ගැනීමට පහසු වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා.

Pedia_Roid නමින් හැඳින්වෙන රොබෝවරයාට, කාංසාව, බිය ඇතුළු මිනිස් හැඟීම් කිහිපයක් අනුකරණය කිරීමට මෙන්ම තම දෑත්, පාද සහ ඇස් චලනය කළ හැකියි.

එමෙන්ම මෙයට හිස, මුඛය, දිව, අක්ෂි, ඇස්, අත්, කකුල්, පපුව චලනය කළ හැකි අතර සහ හෘද ස්පන්දනය පවා අනුකරණය කළ හැකියි.

එහි මුඛයේ චලනයන් වලට එය විවෘත කිරීම සහ වැසීම, කිවිසුම් යාම, කැස්ස සහ වමනය පවා ඇතුළත් වේ.

එමෙන්ම අතේ පිටුපස සිට අභ්‍යන්තරව ව්‍යාජ රුධිරය පවා එකතු කළ හැකිය.



නිකොලා - චිත්තවේගීය ළමා බොට්
Nikola - the emotional child bot

In February, researchers from the RIKEN Guardian Robot Project in Japan revealed a robot child called Nikola, which can convey six basic emotions. The android has moving

පෙබරවාරි මාසයේදී ජපානයේ RIKEN Guardian රොබෝ ව්‍යාපෘතියේ පර්යේෂකයන් විසින් Nikola නම් රොබෝ දරුවෙකු එළිදැක්වීම සිදුකළා.

ඔහුගේ මුහුණේ චලනය වන 'මාංශ පේශි' ඇති අතර එමඟින් සතුට, දුක, බිය, කෝපය, පුදුමය සහ පිළිකුල ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා.

නමුත් මෙම රෝබෝවරයාට තවමත් ශරීරයක් ලබාදී නොමැත.

නිකොලාගේ මුහුණෙහි කෘත්‍රිම මාංශ පේශිවල චලනය පාලනය කරන වායුමය ක්‍රියාකාරක 29ක් ඇතුළත් වන අතර හිස සහ අක්ෂි චලනයන් පාලනය කිරීමට තවත් ක්‍රියාකාරක හයක් භාවිතා කරයි.



ඇඩ්රාන් - ඇසිපිය හෙළන 'මෙස්මර්'
Adran - the winking 'Mesmer'

A creepy video of Adran in action shows the robotic head winking at the camera, moving its jaw from side-to-side and even grinning

ඇඩ්‍රාන් ලෙස නම් කර ඇති රොබෝ හිස සඳහා කුඩා පද්ධති 22 ක් යොදාගෙන ඇති අතර එයට මිනිසෙකුට මෙන් ඇස් සහ මුඛය චලනය කිරීමට හැකියාව තිබෙනවා.

Co wall පදනම් කරගත් සමාගමක් විසින් මෙය නිෂ්පාදනය කර තිබෙනවා.

ඒ අනුව Mesmer රොබෝවරුන්ට මිනිස් හැඟීම් විශාල පරාසයක් ප්‍රදර්ශනය කළ හැකි අතර ඕනෑම කෙනෙකුට සමාන විය හැකියි.



ග්රේස් - රොබෝ හෙදිය
Grace - the robot nurse

During the Covid-19 pandemic, Hanson Robotics developed a new prototype called Grace, targeted at the healthcare market and designed to interact with the elderly and those isolated by the Covid-19 pandemic

Covid-19 වසංගතය අතරතුර, Hanson Robotics විසින් ග්‍රේස් නම් නව මූලාකෘතියක් සංවර්ධනය කර තිබුණා.

එය සෞඛ්‍ය ආරක්ෂණ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කර ඇති අතර Covid-19 වසංගතයෙන් හුදකලා වූ පිරිස් වෙත ප්‍රතිකාර කිරීමේ අරමුණ ඇතිව නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමට මෙම රොබෝ සතුව හැකියාව පවතිනවා.

ග්‍රේස් හට මුහුණේ ප්‍රධාන මාංශ පේශී 48කට වඩා වැඩි ප්‍රමාණයක ක්‍රියාව අනුකරණය කළ හැකියි.

එරිකා - ඇන්ඩ්රොයිඩ් නිළිය
Erica - the android actress

Erica ¿ who made her public debut back in 2015 ¿ is the brainchild of roboticist Hiroshi Ishiguro of Japan

2020 දී පටිගත කිරීම් ආරම්භ කරන ලද හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ලෙස එරිකා යොදාගෙන තිබෙනවා.

මිනිසුන්ට සමාන වන ලෙස එරිකාව නිර්මාණය කර ඇති අතර චිත්‍රපටය තුළ ඇය, ඇයව නිර්මාණය කළ විද්‍යාඥයන් සමඟ පළා යාම පදනම් කර ගනිමින් රඟපෑමේ නිරතවනවා.

පසුගිය වසරේ ජපානයේදී චිත්‍රපටය සඳහා ඇයගේ පළමු දර්ශන රූගත කර තිබෙනවා.

2015 දී ප්‍රසිද්ධියට පත් වූ එරිකා - ජපානයේ ඔසාකා විශ්ව විද්‍යාලයේ රොබෝ විද්‍යාඥ හිරෝෂි ඉෂිගුරෝගේ සංකල්පයකි.

Robo-C - මානවරූපී A old Schwarzenegger
Robo-C - the humanoid A old Schwarzenegger

At CES 2020, Russian startup Promobot unveiled Robo-C, a humanoid android with A old Schwarzenegger

CES 2020 හිදී, රුසියානු සමාගමක් වන Promobot විසින් A old Schwarzenegger ගේ මුහුණ සහිත Humanoid android වරයෙකු වන Robo-C එළිදක්වා තිබෙනවා.

Robo-C ස්ථානගත කර ඇත්තේ පාරිභෝගික විමසුම් හැසිරවීමට සහ වෙනත් උපකරණ සමඟ ගනුදෙනු කිරීමටයි.

වාණිජ ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් මෙම රොබෝ නිර්මාණය කරගෙන තිබෙනවා.

Promobot හි සම-නිර්මාතෘ, Oleg Kivokurtsev මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ Andoridගේ පෙනුම රොබෝවරයාට ලබා දී ඇත්තේ උදාහරණයක් වශයෙන් බවයි.

නමුත් ගැනුම්කරුවන්ට අවශ්‍ය රූපය අනුව මෙම රොබෝවරයා නිර්මාණය කර දිය හැකි බවද ඔහු සඳහන් කළා.



ඒ අනුව ජීවමාන ස්වරූපයේ රොබෝවරු සැබෑ ලෝකයේ වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින බව මෙමගින් පැහැදිලි වනවා.

මෙමගින් පැහැදිලි වන්නේ ඔබට අවශ්‍ය නම්, ඔබ හා සමාන තවත් අයෙකු රොබෝවරයෙකු ලෙස නිර්මාණය කළ හැකි බවයි.

එනම් මෙම අදහස නිවුන් දරුවන්ගේ සංකල්පයට සමාන කමක් දැක්වෙනවා.

නමුත් මෙහි වෙනස්කම වන්නේ ඔබේ මහලු වී මියගියද, ඔබේ රූපය ජීවමානව මේ ලෝකය ගණන් කළ නොහැකි තරම් කාලයක් රොබෝවරයෙකු ලෙස පැවතීමයි.

තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉදිරිපත් වන මෙවැනි විශේෂ දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)