28 November 2022
සිංහල | English

“හරිකේන්” සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තය කළඹයි (VIDEO)



අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති හරිකේන් සුළි කුණාටුව නිසා මේ වනවිට පුද්ගලයින් 17 මරණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 

 
ලක්ෂ 20 කට අධික පිරිසක් විපතට පත්ව තිබෙන අතර නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙන බවයි එම වාර්තා පැවසුවේ. 
 
මේ වනවිට අවතැන්වූ පුද්ගලයින් 700 මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා. 
 
පැයට කිලෝමීටර් 241 ක් වේගයෙන් හමායන හරිකේන් සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ දරුණුතම අවස්ථාව බවයි වාර්තාවන්නේ. 
 
ප්‍රාන්තයේ ඇතැම් ස්ථාන අඩි 12ත් 14ත් අතර උසකට ජලයෙන් යටවී තිබෙන අතර මේ වනවිට ප්‍රාන්තයට ඇදිරි නීතිය පනවා තිබෙනවා.
(colombotimes.lk)