30 September 2022
සිංහල | English

කේෂ්ත්‍ර දෙකක සුපිරි තරු දෙකක් චිත්‍රපට රූගත කිරීමක් අතරතුර දී හමුවෙයි (PHOTOS)



ඉන්දියාවේ ප්‍රමුඛතම නළුවෙක් වන Mammootty Netflix ඔරිජිනල් ‘කඩුගන්නාව ඔරු යාත්‍රා’ හි රංගනයේ නිරත වනවා. 

 
එහි රූගත කිරීම් කොටස් කොළඹ සහ කඩුගන්නාව ප්‍රදේශවල රූගත කෙරෙනවා. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මේ දිනවල ශ්‍රී ලංකාවේ රූගත කිරීම් කරමින් සිටින ඉන්දීය සිනමා නළු මම්මූටි හමු වී තිබෙනවා. 
 
සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස ද පසුගියදා පත් කළා. 
 
“ජ්‍යෙෂ්ඨ මලයාලම් නළු @mammukka හමුවීමට ලැබීම ගෞරවයක්. සර් ඔබ සැබෑ සුපිරි තරුවක්. ලංකාවට ආවට ස්තුතියි. සියලුම ඉන්දීය තරු සහ මිතුරන්ට අපේ රට භුක්ති විඳීමට #VisitSriLanka වෙත ආරාධනා කිරීමට මම කැමතියි' සනත් ජයසූරිය Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා.
(colombotimes.lk)
Image
Image