09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

රාජපක්ෂ සහෝදරයන්ගේ සංචාරක තහනම දීර්ඝ කෙරේ



මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ ජාත්‍යන්තර සංචාරක තහනම සැප්තැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 

 
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (10) දහවල් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අධිකරණයේ අවසරයකින් තොරව එම පිරිසට රටින් පිටවීම වළක්වමින්.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගලට ජාත්‍යන්තර සංචාරක තහනමක් පැනවීමට නියෝග කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබුණා. 
 
ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ රටේ පවතින මූල්‍ය අර්බුදයට එම කණ්ඩායම වගකිව යුතු බවයි.
(colombotimes.lk)