30 September 2022
සිංහල | English

ලෝකයේ ප්‍රථම කාබන් ඩයොක්සයිඩ් උරාගත හැකි මෝටර් රථය එළිදක්වයි



වාහන ගමනාගමනය හේතුවෙන් ගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයට සියයට 16 ක කාබන් ඩයොක්සයිඩ් එකතු කරමින් අහිතකර දායකත්වයක් ලබා දෙනවා. 

 
මෙය දැඩි පාරිසරික තර්ජනයකට මුලපුරන කාරණාවක්. 
 
නමුත් අප භාවිතා කරන මෝටර් රථවලට ඇත්ත වශයෙන්ම මෙම විමෝචනය ග්‍රහණය කර ගැනීමට හැකි නම් මෙම ගැටලුවට විසඳුමක් ලැබෙනවා නේද? 
 
මේ හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නා වාහනයක් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ඉංජිනේරුවන් පිරිසක් සමත්වී තිබෙනවා. 
 
මෙම වාහනයට හරිතාගාර වායුව ග්‍රෑම් 30ක් පමණ ගබඩා කර තබා ගත හැකි අතර එය ධාවනය වන අතරතුර එය අවට ඇති වායුව පිරිසිදු කරනවා. 
 
අද අපි කතා කරන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් උරාගත හැකි අලුත්ම වාහනය ගැනයි. 
 
Scientists have unveiled their design for the world
 
මාර්ගයේ ගමන් කරන විට වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර ගබඩා කරන ලොව ප්‍රථම 'කාබන් නියුට්‍රල් මෝටර් රථය' සඳහා ශිෂ්‍ය ඉංජිනේරුවන් පිරිසක් ඔවුන්ගේ සැලසුම් එළිදක්වා තිබෙනවා. 
 
එහිදී වාහනයේ ඉදිරිපස ඇති ග්‍රිල් එකක් හරහා වාතය ගලා යන අතර, පසුව එය හරිතාගාර වායුව වෙන් කර ගබඩා කරන පෙරනයක් හරහා ගමන් කරයි. 
 
නෙදර්ලන්තයේ Eindhoven Technology විශ්වවිද්‍යාලයේ TU/ecomotive කණ්ඩායම විසින් මෙම වහනය නිර්මාණය කර ඇති අතර එය 'Zem' ලෙස හඳුන්වා තිබෙනවා. 
 
ඔවුන්ගේ මූලාකෘතියේ වහලයේ සහ බොනට් මත සූර්ය පැනල ද ඇති අතර, එය නිවසක් සඳහා බාහිර බැටරියක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. 
 
The solar panels on the roof of enable the car to also be used as an exte al battery for a house
 
වැඩි දුරටත් අදහස් දක්වමින් මෙම කණ්ඩායම් කළමනාකරු Louise de Laat පැවසුවේ : 
 
'රිය පැදවීමේදී වාතය පිරිසිදු කිරීම සහ සම්පූර්ණයෙන්ම CO2 උදාසීන වීම මෙමගින් ඉලක්ක කරනවා.' 'එය තවමත් සංකල්පයක් පමණි. නමුත් ඉදිරි වසරවලදී පෙරනයේ ධාරිතාව වැඩි කිරීමට අපට හැකියාව ලැබෙන අතර එහි පෙරනිමිති අපට දැනටමත් දැක ගත හැකියි.' 'එමෙන්ම CO2 ග්‍රහණය කර ගැනීම මෙහි ප්‍රධාන ක්‍රියාව වනවා.' ' එය නිෂ්පාදනය සහ ප්‍රතිචක්‍රීකරණය අතරතුර, වායු විමෝචනය සඳහා වන පූර්ව අවශ්‍යතාවයක්.' යනුවෙනි. 
 
Zem හි ෆිල්ටරය එය සැතපුම් 200ක් පමණ ගමන් කළ පසුව, වායුමය කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 30ක් පමණ එකතු කිරීමේ ධාරිතාවයට ළඟා වී තිබෙනවා. 
 
එමෙන්ම මෙම විද්‍යුත් මෝටර් රථය ආරෝපණය වන අතරතුර පෙරහන් පිරිසිදු කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට මෙන්ම ග්‍රහණය කරගත් කාබන් ඩයොක්සයිඩ් හිස් කිරීමටද හැකියාව ලැබෙනවා. 
 
ෆිල්ටරයෙන් වායුව එකතු කිරීමෙන් පසු වායුවට කුමක් සිදුවේද යන්න අපැහැදිලි බව සඳහන්. 
 
නමුත් මින් පෙර ව්‍යාපෘති වලදී CO2 භාවිතා කර ගොඩනැගිලි ද්‍රව්‍ය සහ බේකිං සෝඩා සෑදීම හෝ එය භූගතව ගබඩා කිරීම සිදුකර තිබෙනවා. 
 
එමෙන්ම මෝටර් රථය වසරකට ගමන් කරන සෑම සැතපුම් 12,800 කටම කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් දෙකක් දක්වා ඉවත් කළ හැකි බව කණ්ඩායම ප්‍රකාශ කරනවා. 
 
මීට අමතරව ඔවුන් විශේෂයෙන්ම සඳහන් කරන ලද කරුණක් වන්නේ ලොව පුරා මිලියන ගණනක මෝටර් රථ වෙත මෙම තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නම්, හරිතාගාර වායු අඩු කිරීම සඳහා සැබෑ දායකත්වයක් ලබා දීමට හැකියාවක් තිබෙන බවයි.
 
එමෙන්ම මීට පෙර මොවුන් විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මෝටර් රථ නිර්මාණය කිරීමද සිදු කර තිබෙනවා. 
 
ඒ අනුව මෙම මෝටර් රථය ද නිර්මාණය කර ඇත්තේ එහි ආයු කාලය අවසන් වූ විට හැකිතාක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිදිය.
 
එහි අභ්‍යන්තරය ද Pineapple Leather සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර එහි ජනේල Polycarbonate වලින් සාදා තිබෙනවා. 
 
 
ZEM මෝටර් රථය ක්‍රියා කරන්නේ කෙසේද? 
 
1) වාහනයේ හෙඩ් ලයිට් වලට යටින් පිහිටා ඇති ග්‍රිල් හරහා වාතය මෝටර් රථයට ගලා යනවා. 
 
2) පසුව වාහනයේ ෆිල්ටරය විසින් එය ධාවනය වන විට වායුමය කාබන් ඩයොක්සයිඩ් වෙන් කර ගබඩා කරනවා. 
 
3) ඉදිරිපස රෝද මගින් 'පිරිසිදු' වාතය මෝටර් රථයෙන් පිටතට මුදා හරිනවා. 
 
4) ෆිල්ටරය කාබන් ඩයොක්සයිඩ් ග්රෑම් 30 ක් පමණ එකතු කර ඇති විට, මෝටර් රථය ආරෝපණය කිරීම සිදු කරන අතරතුර මෙම ෆිල්ටරය ප්රතිස්ථාපනය කළ හැකියි. 
 
The Zem
 
දැඩි පාරිසරික තර්ජනයකට මුල පුරන කාරණාවකට මෙම පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කර ඇත්තේ හරි අපූරු විසඳුමක්. 
 
මෙමඟින් මෝටර් රථවලට පිටවන දුම හේතුවෙන් වායුව අපිරිසිදු වනවා වෙනුවට එය වායුව පිරිසිදු කරන උපක්‍රමයක් ලෙස භාවිතා කරලා තියෙනවා විතරක් නෙමේ මේ තාක්ෂණය අවශ්‍ය අයට ලබා දෙන්නත් පරීක්ෂණ කණ්ඩායම සුදානම්. 
 
මේ හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නා වාහන විවිධ අයුරින් මාර්ග වලට එක් වන බව නොඅනුමානයි. මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarkoon @ COLOMBO TIMES