30 September 2022
සිංහල | English

අද සිට වී වර්ග කිහිපයක මිලදී ගැනීමේ වටිනාකම වෙනසකට



අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. 

 
මේ වනවිට වෙළෙඳපොළේ වී කිලෝවක මිල රුපියල් 90 කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව දක්වා ඇති අදහස් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙනවා. 
 
පළමු අදියර යටතේ රුපියල් මිලියන 2,000 ක් වැය කර වී මෙට්‍රික් ටොන් 30,000 ක් මිලදී ගැනීමට අපේක්ෂිතයි. 
 
මෙම වසරේ ජනවාරි මස සිට ජුලි මාසය දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් පන් ලක්ෂයකට වඩා ආනයනය කර ඇති බවයි සඳහන් වන්නේ. 
 
මේ අතර වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවකම මිල රුපියල් 05 කින් අඩු කිරීමටත් ඊයේ සිට පියවර ගෙන තිබුණා.
(colombotimes.lk)