දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කලාප සඳහා විශේෂ විදුලි කප්පාදු සැලසුම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා සිට රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20ක විදුලි කප්පාදුවෙන් දකුණු පළාත සහ ඇල්ල සංචාරක කලාප නිදහස් කරන බව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවා.
දිවයින පුරා ක්‍රියාත්මක වන දිවා කාලයේ පැය 1ක සහ රාත්‍රී කාලයට පැය 1 විනාඩි 20ක විදුලි කප්පාදුව දෙසැම්බර් මස 15 වනදා දක්වා ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
නොරොච්චෝලේ බලාගාරයේ 03 වැනි ඒකකය දෙසැම්බර් මස 15 වැනිදාට නියමිත පරිදි ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බවද ඒ මහතා පැවසුවා.
ඒ අනුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවයි අමාත්‍ය විජේසේකර මහතා සඳහන් කළේ.
මේ හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක රාත්‍රී කාලයේ විදුලිය විසන්ධි කිරීම පැය 1 දක්වා අඩු කිරීමට ද මෙමගින් හැකිවනු ඇති.
කෙසේ වෙතත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.
(colombotimes.lk)