28 November 2022
සිංහල | English

සහල් මිළ ඉහළ යා හැකියි ?



ලබන මස 01වැනිදා සිට අය කිරීමට නියමිත 2.5%ක සමාජ ආරක්ෂක බද්ද කෘෂිකර්මාන්ත කටයුතු වලින් ඉවත් නොකළොත් සහල් කිලෝවක මිළ රු 6කින් ඉහළ දැමීමට සිදු වන බව සහල් නිෂ්පාදන සංගමය කියා සිටියා.

මේ හේතුවෙන් අදාළ බද්ද ඉවත් කරන ලෙස ඉල්ලීමක් කර ද මෙතෙක් ඊට ප්‍රතිචාර නොලැබුන බව එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සඳහන් කළා.

මෙම බද්ද ඉවත් කිරීමට කටයුතු නොකළොත් මෝල් හිමියන්ට ඇති වන පාඩුව වලක්වා ගැනීමට වී කිලෝවක් මිළදී ගැනිමේදි දැනට වී කිලෝවකට ගෙවන මුදලට වඩා රු 3කට අඩුවෙන් ගෙවීමට සිදු වන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)