27 September 2022
සිංහල | English

ස්වභාවික ආපදා වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සුනඛයින්ට පුහුණුවක් (VIDEO)



භූමිකම්පා සහ වෙනත් ස්වභාවික ආපදා වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සුනඛයින්ට පුහුණුවක් ලබාදීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වනවා. 

 
එහිදී සිය හිමිකරුවන් ආරක්ෂා කරගත යුතු අන්දම පිළිබඳව පුහුණුවක් සුරතල් සුනඛයන්ට ලබාදී තිබෙනවා. 
 
මෙම පුහුණුව සඳහා සුනඛයන් 30 දෙනෙකු පමණ එක්කර තිබූ බවයි වාර්තා වන්නේ. මාස දෙකක් පුරා මෙම පුහුණුව පවත්වා තිබෙනවා. 
 
මෙහිදී සුනඛයන්ට උමං මාර්ග හරහා ගමන් කිරීමට, සිරවී සිටින පුද්ගලයන් සොයාගැනීමට සහ මීටර් 35ට වඩා වැඩි දුරක් ගමන් කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 
 
1985 සහ 2017 වර්ෂ වලදී සැප්තැම්බර් 19 වන දින මෙක්සිකෝව භූ කම්පන අපදා වලට මුහුණදුන් අතර එම සංවත්සරය දී තිබූ දිනයට සමගාමීව මෙම පුහුණුවේ අවසන් දිනය සනිටුහන් කරමින් සුනඛයන් වෙත සහතිකපත් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)