30 September 2022
සිංහල | English

වැලිකඩ ජේලර්වරියක් STF අත්අඩංගුවට



වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 
ඒ අදාළ ජේලර්වරිය විසින් බන්ධනාගාරය තුළට සැක සහිත බෙහෙත් පෙති කිහිපයක් රැගෙන යෑමට උත්සාය කිරීමේදීයි. 
 
ඇයව අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමේ දී අදාළ ජේලර්වරිය එම පෙති උදුරාගෙන මුඛය තුළ සඟවා ගැනීමට උත්සාහ දරා තිබෙන බවයි පොලිසිය පැවසුවේ. 
 
එහිදී පොලිස් සැරයන්වරියක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා එම පෙති සමග ජේලර්වරිය අත්අඩංගුවට ගෙන තිබුණා. 
 
අදාළ පෙති ඖෂධීය පෙති වර්ගයක් ද, මත් පෙති ද යන්න පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් වෙත මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)