01 December 2022
සිංහල | English

ගල්අඟුරු ටෙන්ඩර් කැඳවීම ගැන අමාත්‍යවරයාගෙන් විශේෂ දැනුම්දීමක්



ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා සඳහා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් Twitter පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 

 
ඒ අනුව ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකරන බවයි අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත්තේ. 
 
එමෙන්ම ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකි බවත් අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි විය යුතු බවත් අමාත්‍යවරයා එමඟින් දැනුම් දී තිබෙනවා. 
 
එමෙන්ම දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කර බවයි අමාත්‍යවරයා නිකුත් කළ Twitter පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
(colombotimes.lk)