විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ 2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි යන මාස දෙකේදී පියවර දෙකක් යටතේයි.
යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමක් සම්බන්ධයෙන් සලකාබැලීමක් සිදුනොකරන බවයි.
(colombotimes.lk)