විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී ඇත්තේ නොවැම්බර් 30 දක්වා පමණක් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඒ අනුව අද දිනයෙන් ඉදිරියට විදුලි කප්පාදුවට අනුමැතිය දී නොමැති බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම නොවැම්බර් 25 වැනිදා පැය 03ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ද මහජන උපයෝගිතා කොමිසම විසින් ප්රතික්ෂේප කර තිබුණා.
එදින අනුමත කර තිබුණේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් පමණයි.
(colombotimes.lk)