29 November 2022
සිංහල | English

නාසා ආයතනයේ නවතම මෙහෙයුම සාර්ථක වෙයි (VIDEO)



ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් සාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 
ඒ නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුමයි. 
 
මෙහිදී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය වීමට සලස්වා තිබෙනවා. 
 
පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රාරහක කොටස්වල ගමන් මාර්ගය වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලීම මේ හරහා නාසා ආයතනය බලාපොරොත්තු වනවා. 
 
ඉදිරියේදී පෘථිවිය වෙත එල්ලවිය හැකි එවැනි අවදානමකින් ගැලවීම සඳහා මෙම අත්හදා බැලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. 
 
මෙම මෙහෙයුමට අදාළව නාසා ආයතනය විසින් ගෙන ආ සජීවී විකාශය පහතින්...
(colombotimes.lk)