09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

හිටපු ජනපති මීළඟට යන තැන ගැන රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලික නවාතැන් පතා හෙට (11) තායිලන්තයට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. 

 
දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ජනාධිපති නිල නිවසට සහ කාර්යාලයට කඩා වැදුණු විරෝධතා රැල්ලෙන් පසු හිටපු ජනාධිපති රාජපක්ෂ ජූලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුවට පලා ගියා. 
 
ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, මධ්‍ය කාලීනව ඉල්ලා අස් වූ පළමු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බවට පත්වුණා. 
 
හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව හෙට බැංකොක් බලා යාමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. 
 
අදහස් දැක්වීම සඳහා රොයිටර්ස් ඉල්ලීම්වලට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා නොමැති බව ද එම වාර්තාවේ සඳහන්. 
 
සිංගප්පූරු රජය මේ මස මුලදී කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ඔවුන් විසින් කිසිඳු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා දී නොමැති බවයි.
(colombotimes.lk)