27 September 2022
සිංහල | English

ඔබේ සුනඛයා TV එකට ඇබ්බැහි වෙලාද? හේතුව මෙන්න



පුරාණ කාලයේ සිටම, සුනඛයා මිනිසා අසල ජීවත් වූ මිනිසාගේ මිතුරා සහ සහායකයා ලෙස හැඳින්වූ සත්ත්වයෙකි.

එමෙන්ම පුරාණ මිනිසා විසින් හීලෑ කරන ලද පළමු සත්වයා වන්නේද සුනඛයායි.

එකළ සුනඛයන් මිනිසාට දඩයම් කිරීමට සහ නිවාස ආරක්ෂා කිරීමට උදව් කර තිබෙනවා.

එතැන් සිට ඔවුන් මිනිසුන්ගේ සැබෑ මිතුරන් ලෙස හැඳින්වූ අතර ඒ සම්බන්ධය මේ දක්වාම නොකැඩී පවතිනවා.

නමුත් 'සුනඛයා' ගේ පැවැත්ම ආරම්භවන්නේ කවරෙකුගෙන්දැයි මෙතක් සොයාගෙන නොමැත.

9 Touching Epitaphs Ancient Greeks And Romans Wrote For Their Deceased Dogs  - The Dodo

සමහරුන් මොහු වෘකයන්ටද, තවත් අය හිවලුන්ට නැඹුරු වන බව පවසනවා.

නමුත් සෑම විටම, මිනිසුන් සුනඛයන් ඉතා අගය කොට සලකනු ලැබූ අතර, ඔවුන් දෙවිවරුන් හා නමස්කාර වස්තූන් ලෙස පවා සලකා තිබෙනවා.

මානව වර්ගයාගේ දියුණුවත් සමඟ සමහර සුනඛ වර්ගවල විෂය පථය බොහෝ වෙනස් වී ඇති බව සඳහන්.

මිනිසා සහ සුනඛයාගේ සම්බන්ධය එසේ පැවතුනත් ඔබේ නිවසේ ඔබ ඉදිරියේ සිටින සුනඛයා ලෝකය දකින ආකාරය ගැන ඔබ සිතා බැලුවාද ?

ඔබ අසල සිටින සුනඛයා රූපවාහිනිය දෙස බලමින් නරඹන්නේ කුමක්දැයි ඔබට අදහසක් තිබෙනවාද ?

For the study, dogs were shown specially designed movies in three 30 minute sessions for a total of 90 minutes while relaxing in the fMRI machine. A: Example frames from video clips shown to the participants. B: Bhubo, a four-year-old Boxer-mix, watching videos while undergoing awake fMR

අද අපි ඒ පිළිබඳව සිදු කරන ලද අපූරු පරීක්ෂණයක් කෙරෙහි අවධානය යොමු කරමු.

අමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා හි එමරි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.

මෙම පරීක්ෂණයෙන් සුනඛයන් ලෝකය දකින ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව්වක් ලබා ගැනීමට එම පරීක්ෂණ කණ්ඩායම සමතිවී තිබෙනවා.

ඒ, සුනඛයන් හට විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් පැය භාගයක වීඩියෝවක් නැරඹීමට අවස්ථාව ලබාදෙමින්.

එම වීඩියෝවේ සුනඛයන් එහා මෙහා දුවන අයුරු, මිනිසුන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කරන අයුරු, වාහන පසුකර යන අයුරු සහ නිවසක සිටින බළලෙකුගේ දර්ශන ඇතුලත් කර තිබෙනවා.

මෙහිදී ඔවුන් සුනඛයාගේ මොළය පිළිබඳව අධ්‍යනය කර ඇත්තේ MRI තාක්ෂණය භාවිතයෙන්.

පසුව Ivis නම් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරමින් තිරයේ යම් ක්‍රියාවක් හෝ වස්තුවක් පෙන්වන විට සුනඛයාගේ මොළයේ සිදුවන ක්‍රියාකාරිත්වයේ සම්බන්ධය මැනීම සිදුකර තිබෙනවා.

The movies contained video clips that the researchers thought a dog might find interesting enough to watch for an extended period. Pictured: Bhubo and his human, Ashwin Sakhardande, preparing for a movie
Brain regions important for the discrimination of objects and actions that were used to train the AI for human (A) and dog (B) participants

එමගින් ලබා ගත් ප්‍රතිඵල පෙන්නුම් කළේ සුනඛයන් ක්‍රියාවන් කරන්නේ කවුරුන් හෝ කුමක් ද යන්න පිළිබඳව අවධානය යොමු නොකරන බවයි.

ඒ අනුව ඔවුන් පරිසරයේ සිදුවන ක්‍රියාවන් කෙරෙහි විශාල වශයෙන් අවධානය යොමු කරන බව හෙළිවී තිබෙනවා.

සුනඛයන්ගේ ඇස්වල ඇත්තේ කේතු සෛල වර්ග දෙකක් පමණක් වන අතර නිල් සහ කහ වර්ණ පමණක් ඔවුන්ට වටහා ගත හැකියි.

එය කේතු සෛල වර්ග තුනක් ඇති සහ සම්පූර්ණ වර්ණාවලියම දෘශ්‍යමාන වන මිනිසුන්ට වඩා බෙහෙවින් වෙනස් වේ.

කෙසේ වෙතත්, සුනඛයින්ට අපට වඩා චලන සඳහා සංවේදී වන පෙනීමේ හැකියාවක් තිබෙනවා.

තම පරිසරයේ ඇති තර්ජන වලට මුහුණ දීමට පහසුවක් ලෙස සුනඛයන් මේ ආකාරයෙන් මිනිසුන්ට වඩා වෙනස් ලෙස ලෝකය වටහා ගැනීමට හැකියාව ලැබී ඇති බව පරීක්ෂකයින් පවසනවා.

එමෙන්ම පර්යේෂකයන්ට අවශ්‍ය වූ තවත් කරුණක් වන්නේ සුනඛ සහ මිනිස් මනස ඔවුන් දකින දේ ප්‍රතිනිර්මාණය කරන ආකාරය අතර වෙනත් වෙනස්කම් තිබේද යන්න සොයා ගැනීමයි.

ඒ අනුව මෙම අධ්‍යයනය සඳහා Daisy සහ Bhubo යන සුනඛයන් දෙදෙනා යොදා ගෙන තිබුණා.

Study dogs at Emory University in Georgia, USA had their brains scanned by an MRI machine while watching a half-an-hour video of stimulating content. Pictured: Daisy takes her place in the fMRI scanner. Her ears are taped to hold in ear plugs that muffle the noise of the machine

පසුව ඔවුන්ව fMRI යන්ත්‍රය තුළ විවේක ගන්වමින් මිනිත්තු 90ක් වීඩියෝ පටයක් මිනිත්තු 30 කොටස් වලට කඩා පෙන්වා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ පර්යේෂකයන් විසින් වීඩියෝ පටයේ ඇතුලත් දර්ශන හැරවුම් කැමරා ආධාර කර ගනිමින් රූගත කර තිබීමයි.

පසුව සුනඛයන් මෙම දර්ශන නරඹන විට ස්නායු ක්‍රියාකාරකම් දෘශ්‍යමාන වන පරිදි ඔවුන්ගේ මොළය සම්බන්ධයෙන් MRI ස්කෑන් පරීක්ෂණ වාර්තා ලබාගෙන තිබෙනවා.

මෙම දත්ත අනුව ඇඟවෙන්නේ සුනඛයන්ගේ මොළය ඔවුන් සම්බන්ධ වන්නේ කවුරුන්ද හෝ කුමක් ද යන්නට වඩා ඔවුන් ඉදිරියේ සිදුවන දෙයට ප්‍රමුඛත්වය දෙන බවයි.

එයට හේතුව වන්නේ විලෝපිකයින්ට හසු නොවීමට හෝ දඩයම් කිරීමට අවශ්‍ය සතුන් නිරීක්ෂණය කිරීමට තම පරිසරයේ සිදුවන දේවල් ගැන ඔවුන් සැලකිල්ලෙන් සිටිය යුතු වීමයි.

New Dog Bonding: 8 Ways to Build a Wonderful Relationship

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මෙම සතුන් හට මිනිසුන්ට සමීප හැඟීම් ඇති විය හැකි බවට බොහෝ දෙනෙකු තුළ පැවති විශ්වාසය බිඳ වැටීමයි.

එයට හේතුව ඔවුන් අවධානය දක්වන්නේ ඔවුන් දිරියේ සිදුවන ක්‍රියාකාරකම් වලට වීමයි.

නමුත් මිනිසා සහ සුනඛයා අතර සම්බන්ධය විශ්වාසය හා ආදරය මත ගොඩ නැගී ඇති බව බැහැර කළ නොහැකියි.

එයට හේතුව සුනඛයන් යනු තමන්ගේ අයිතිකරු සමඟ ඇති සම්බන්ධය සියුම් ලෙස දැනෙන සතුන් කොටසක් වීමයි.

මේ වගේම තවත් සතුන් ගැන බොහෝ අපූරු පරීක්ෂණ ලෝකයේ සිදුවෙමින් පවතිනවා.

එවැනි විශේෂ දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)