30 September 2022
සිංහල | English

"යුවාන් වැන්ග් 5" ගැන චීනයෙන් සැර කතාවක්



යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිඳු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව චීනය පවසනවා.

එමෙන්ම මේ සඳහා තුන්වන පාර්ශවයක් බාධා නොකළ යුතු බවද එරට අවධාරණය කර සිටිනවා.

බීජිං නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළා.

යුවාන් වැන්ග් 5 නෞකාව ඊයේ දින හම්බන්තොට වරායට සේන්දු විය.

එය චීනයේ නිෂ්පාදිත චන්ද්‍රිකා සහ බැලස්ටික් මිසයිල ග්‍රාහක පර්යේෂණ නෞකාවකි.