01 December 2022
සිංහල | English

ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා හොඳම ගමනාන්ත 20 අතරට



සංචාරකයින් සඳහා හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා. 

ඒ ලොවපුරා ජනප්‍රිය සඟරාවක් වන Condé Nast Traveller විසින් පවත්වන ලද 2022 පාඨක තේරීම් සම්මාන උළෙලට අනුවයි. 
 
එහිදී සංචාරකයින් සඳහා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව 17 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. 
 
Condé Nast Traveler සඟරාවට අනුව සංචාරකයින් සඳහා හොඳම ගමනාන්ත තුන ලෙස පිළිවෙලින් පෘතුගාලය, ජපානය සහ තායිලන්තය ශ්‍රේණිගත කර තිබෙනවා. 
 
ඊශ්‍රායලය, තුර්කිය, දකුණු අප්‍රිකාව වැනි රටවල්වලට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවයි එහි දැක්වෙන්නේ.
(colombotimes.lk)