01 December 2022
සිංහල | English

කොළඹ වරාය නගරයට ගැසට් නිවේදනයක්



මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් අති විශේෂ ගැසට් පත්‍රයක් අද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇති බව එම ගැසට් පත්‍රයෙන් නිවේදනය කළා

ඉදිරිපත් කෙරෙන අයදුම් පත්‍ර ඇගයීමට ලක්කිරීමෙන් පසු ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

එම බලපත්‍ර ලබා දීමට කොන්දේ කිහිපයක් සලකා බැලෙන අතර එම කොන්දේසිවලට අනුකූල නම් අදාළ මෙහෙයුම් බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදෙන බව සඳහන්.

එමෙන්ම ආයෝජකයින් මහ බැංකුවේ නියාමයන්ටද අනුකූල විය යුතු බවයි කොළඹ වරාය නගර ආර්ථික කොමිසම දන්වා ඇත්තේ.
(colombotimes.lk)