30 September 2022
සිංහල | English

ඊයේ රාත්‍රියේ තායිලන්තයට ප්‍රහාර 17ක් (VIDEO)



දකුණු තායිලන්තයේ ඊයේ රාත්‍රියේ ස්ථාන 17ක බෝම්බ පිපිරීම් සහ ගිණි තැබීම් සිදුවී තිබෙනවා.

කුඩා වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් මෙම ප්‍රහාර වල ඉලක්ක වී තිබෙනවා.

මේ හේතුවෙන් සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)