25 March 2023
සිංහල | English

පිළිකාව ඉවත්කළ රොබෝ වෛද්‍යවරයා



මෝටර් රථ නිෂ්පාදන වැනි කර්මාන්ත රාශියක කටයුතු නිවැරදිව පහසු කර ගැනීමට බොහෝ කාලයක සිට රොබෝ යන්ත්‍ර භාවිතා කරනවා. 

 
ඒ වගේම තමයි තාක්ෂණයේ දියුණුව දැඩි ලෙස ව්‍යාප්ත වූ කේෂ්ත්‍රයක් වන්නේ වෛද්‍ය විද්‍යාවයි. 
 
මේ හේතුවෙන් නුදුරු අනාගතයේ දී වෛද්‍ය ක්ෂේත්‍රයට එක් විය හැකි නව තාක්ෂණික යෙදවුම් පිළිබඳව අපට තවමත් නිසැකවම කිව නොහැකියි. 
 
Recent Developments in Health Technology
 
නමුත් ශල්‍ය රොබෝවරුන් දැනටමත් ශල්‍යාගාර තුළ සිදුකරන ශල්‍යකර්ම සඳහා දායකත්වය සපයනවා. 
 
අද Colombo Times තුළින් කතා කරන්න සුදානම් වන්නේ මේ වගේ රොබෝ කෙනෙක් සම්බන්ධ කරගෙන සිදුකරන ලද ශල්‍යකර්මයක් පිළිබඳවයි. 
 
The machine has a lightweight and modular design that allows it to be easily moved between departments. It also utilizes
 
මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ පිහිටි Gloucestershire රාජකීය රෝහලේයි. 
 
ඒ අනුව අවුරුදු 61ක් වයස පුද්ගලයෙකුගේ උගුරේ තිබු පිළිකා ගෙඩියක් ඉවත් කරමින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මෙම රොබෝවරයා කටයුතු කර තිබෙනවා. 
 
මෙම රෝගියාගේ අඟල් 2.3 ක ගෙඩියක් ඉවත් කිරීම සඳහා esophagectomy සිදු කිරීමට යොදා ගෙන ඇත්තේ Versius නම් Next-generation රොබෝවක්. 
 
 
රොබෝවරයෙක් යොදා ගනිමින් මෙම ශල්‍යකර්මය සිදු කිරිම හේතුවෙන් රෝගියාගේ ශරීරයේ කුඩා කැපීම් පමණක් දක්නට ලැබෙන බවත්, මේ හේතුවෙන් සංකූලතා, කැළැල් සහ පශ්චාත් ශල්‍යකර්ම හේතුවෙන් ඇතිවන වේදනාව අඩුවී ඇති බව සඳහන්. 
 
මෙම ශල්‍යකර්මයට සහභාගී වූ රෝගියා සඳහන් කළේ, තමාට ජීවත්වීමට අවස්ථාවක් ලබා දීම හේතුවෙන් මෙම ශල්‍යකර්මය සිදුකරන ලද රොබෝවරයා ඇතුලු සියලුම වෛද්‍යවරුන්ට තමා ස්තූතිවන්ත වන බවයි. 
 
Ana Raduc, general manager of CMR Surgical, said:
 
මෙම උත්සාහය, තමන් නොසිතූ අත්දැකීම් ලබා ගැනීමට ඔහුට ලැබුණු තවත් එක් අවස්ථාවක් බවද ඔහු සඳහන් කර තිබෙනවා. 
 
මීට අමතරව ඔහු සඳහන් කළේ, තවත් නත්තලක් භුක්ති විඳීමට තමාට අවස්ථාව ලබා දීම ගැන කෘතඥ වන බවයි. 
 
මෙම රොබෝවරයා සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසා ඇත්තේ, රොබෝවරයාට සම්බන්ධ කර ඇති උපකරණ, 3D HD දර්ශනය සමඟ ඒකාබද්ධව සිදු කරන සංකීර්ණ ක්‍රියා පටිපාටි පියවරයන් ඉතාමත් නිවැරදි බවයි. 
 
 
එමෙන්ම මෙමඟින් රෝගීන්ගේ ප්‍රතිඵල වැඩි දියුණු කරන අතර, ඉක්මන් සුවය ලැබීමට එය හේතුවක් විය හැකි බවත් වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා. 
 
මෙම රෝබෝවරයාට සැහැල්ලු සහ මොඩියුලර් මෝස්තරයක් ඇති අතර එමඟින් රෝබෝවරයාට පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සැලසෙනවා. 
 
එමෙන්ම මේ සඳහා 'v-wrist තාක්ෂණය' ද භාවිතා කර ඇති අතර, එමඟින් අදහස් කරන්නේ එය ඕනෑම මෙහෙයුම් කාමරයකදී භාවිතා කළ හැකි බවයි. 
 
A robot saved a 61-year-old man
 
මෙම රෝහල පසුගිය වසරේ සිට ශල්‍යකර්ම සඳහා රොබෝ සහය ලබා ගැනීමට කටයුතු කර තිබුණා. 
 
මේ හේතුවෙන් මෙම රෝහල රොබෝවරු භාවිතයෙන් ප්‍රතිකාර ලබා දීමේ විධිමත් වැඩසටහනක් ආරම්භ කළ එරට පළමු රෝහල බවට පත්ව තිබෙනවා. 
 
මේ විදිහට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වගේම දුර බැහැර සිටින වෛද්‍යවරයෙකුගේ පාලනය යටතේ රොබෝ යන්ත්‍ර හරහා ශල්‍යකර්ම කිරීමටද හැකියාව පවතිනවා. 
 
Surgeons at Gloucestershire Royal Hospital used a next-generation robot called Versius to perform the esophagectomy to remove a 2.3-inch tumor from a patient named Martin Nugent. ABOVE: A still image of a different operation
 
එමෙන්ම මේ ක්ෂේත්‍රය තුළ රොබෝ යන්ත්‍රවල භාවිතය ඉදිරි වසර කිහිපය තුල වේගයෙන් වර්ධනය වේ යැයි විශේෂඥයන් මත පළ කරනවා. 
 
ශල්‍යකර්ම වලට පමණක් සීමා නොවී ඖෂධ, රුධිර සාම්පල ආදිය අදාළ තැන්වලට ගෙන යාමට විකිරණ පරීක්ෂාවට ශරීරය හසුරුවා ගැනීමට අපහසු රෝගීන්ට ඒ සඳහා සහය වීමට රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමට නියමිතයි. 
 
මේ වගේ නව සොයාගැනීම් පිළිබඳව තොරතුරු දැනගැනීමට Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)