27 September 2022
සිංහල | English

කොළඹ - කටුනායක අතර නව දුම්රිය සේවාවක්



කොළඹ - කටුනායක අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 

 
ඒ විදෙස්ගතව පැමිණෙන ගුවන් මගීන්ට තම ගම්බිම් බලා පිටත්ව යෑමේදී දැරීමට සිදුවන අධික පිරිවැය සැලකිල්ලට ගනිමින්. 
 
ගුවන් සේවා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර මෙම තීරණය ගැනීමට නියමිත බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. 
 
මේ අතර රාජ්‍ය සේවකයන්ගේ වැටුල් ගෙවීම සඳහා ආණ්ඩුවට ආදායම් නොමැති බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා ප්‍රශ්නයක් යොමු කළා. 
 
ලංකා ආණ්ඩු කිසි දිනෙක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නොගෙවීමක් සිදු නොකරන බවත්, එසේ සිදු කිරීමටද නොහැකි බවත් ඊට පිළිතුරැ ලබා දෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
(colombotimes.lk)