28 November 2022
සිංහල | English

ෂකිරාට එරෙහිව බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා



ප්‍රකට ගායිකා ෂකිරාට එරෙහිව ආදායම් බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලකර තිබෙනවා. 

 
ඒ ස්පාඤ්ඤයේ අධිකරණයක් විසින්. 
 
ඒ අනුව ෂකිරා ඩොලර් මිලියන 14.31ක් ආදායම් බදු වශයෙන් ගෙවීම පැහැරහැර ඇති බවයි ඇයව අදාළ චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාරියක් කරමින් පවසා ඇත්තේ. 
 
2012 සහ 2014 අතර කාලයේදී ෂකිරා විසින් අදාළ ආදායම් බදු ගෙවා නොමැති බවයි අධිකරණයේ ගොනුකර ඇති චෝදනාවල සඳහන් වන්නේ. 
 
කොලොම්බියානු ජාතිකයෙක් වන 45 හැවිරිදි ෂකිරා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව ඇයට ඒ සම්බන්ධ නඩු විභාගයට මුහුණදීමට සිදුවනවා. 
 
එම චෝදනාවට වැරදිකාරිය වුවහොත් ඇයව වසර 08කට බන්ධනාගාර කිරීමට පවා අධිකරණයට හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)