25 March 2023
සිංහල | English

ජනපතිගෙන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්



75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. 

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශය සිදු නොකිරීම විශේෂත්වයක්. 
 
ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශය අද පස්වරු 6:45ට සිදුකිරීමට නියමිතයි.
 
මේ අතර 75 වැනි නිදහස් දින පෙළපාලිය මීට සුළු මොහොතකට පෙර ගාලුමුවදොර පිටියේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරමින් අවසන්වුණා. 
 
ගාලුමුවදොර පිටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විදෙස් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, හමුදා නිලධාරීන්, ආගමික නායකයින් සහ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. 
 
මෙම උත්සවයේ සම්පූර්ණ වැඩසටහන ඔබට පහතින් නැරඹිය හැකියි...(දර්ශන අනුග්‍රහය: ජාතික රූපවාහිනිය)
(colombotimes.lk)