28 November 2022
සිංහල | English

මියන්මාරයේ රූ රැජිණිය රටින් පළායයි



මියන්මාරයේ හමුදා රජයේ උදහසට ලක් වුණු මියන්මාර රූ රැජින වූ හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 
හැන් ලේ, මියන්මාරය නියෝජනය කරමින්, 2021 තායිලන්තයේ පැවැති රූ රැජින කිරුළට සහභාගී වුණා. 
 
මියන්මාර හමුදාව, අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින් සිර කළේ එම කුමන්ත්‍රණයෙන් පසුවයි. 
 
හමුදා රජය විවේචනය කළ හැන් ලේ ට ආපසු මියන්මාරයට යෑමට නොහැකි වුණා. 
 
ඇය මෙතෙක් කල් තායිලන්තයේ බැංකොක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිටියා. 
 
ඒ, තායිලන්ත බලධාරීන් ඇය මියන්මාරයට පිටුවහල් කරාවි යැයි බිය වීම හේතුවෙන්. 
 
කෙසේ නමුත් හැන් ලේ දකුණු කොරියාවට අයත් ගුවන් යානයකින් කැනඩාවේ ටොරොන්ටෝ නගරය බලා ගිය බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ.
(colombotimes.lk)