28 November 2022
සිංහල | English

කොටුව - මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක්



ඔක්තෝම්බර් 01 සිට කොටුව - මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 

 
නව දුම්රිය පෙරවරු 6.30ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගා වන බවත් නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගා වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 
 
එම දුම්රියේ පළමු පන්තියේ ආසනයක් රුපියල් 2,000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1,500කටත් මිල දී ගත හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම දුම්රිය යොදවන බවත් සුඛෝපභෝගී, විශ්වසනීය මෙන්ම ආරක්ෂිත සේවාවක් සැපයීම මෙම සේවාවෙන් සිදු වන බවත් අවධාරණය කළා. 
 
අනුරාධපුර අටමස්ථානය වන්දනා සඳහා යන ජනතාවට කොළඹ කොටුව අනුරාධපුර නව විශේෂ දුම්රිය සේවාවක් නුදූරේදීම ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 
 
අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින අමාත්‍යවරයා මම අදහස් පලකළා.
(colombotimes.lk)