28 November 2022
සිංහල | English

යුක්‍රේනය දැවැන්ත විදුලි අර්බුදයක



මේ සතියේ දී රුසියාව විසින් එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාරවලින් පසු රටේ විදුලි අවශ්‍යතාවයෙන් 50% ක් තරම් ප්‍රමාණයක් මේ වන විට තවමත් අක්‍රීය බව යුක්රේනය පවසනවා. 

ප්‍රමුඛතාවය මත ප්‍රධාන යටිතල පහසුකම් සවි කිරීම සිදුකළ නමුත් අලුත්වැඩියා කිරීමට වැඩි කාලයක් ගත වන බවයි Ukrenergo බල ක්‍රියාකරු පවසා ඇත්තේ. 
 
විදුලි බලය මෙන්ම ජල සැපයුම සම්බන්ධයෙන් 'වඩාත්ම දුෂ්කර තත්වය' Kyiv අගනුවර ඇතුළු කලාප 15 ක බව පවතින බව ද ජනාධිපති Volodymyr Zelensky පැවසුවා. 
 
යුක්රේනය පුරා, හිම සහ උප-ශුන්‍ය උෂ්ණත්වය සමඟ ශීත ඍතුව ආරම්භ වී තිබෙනවා. 
 
විදුලිය නොමැති නිසා, ශිත කාලගුණයේදී ක්‍රියාත්මක කරන උණුසුම්කරන යන්ත්‍ර නොමැති වීමෙන් මිනිසුන් මිය යා හැකි බවට බියක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)