09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

මෙරට උද්ධමනයේ පහළයාමක්



කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව අද (30) නිකුත් කළ වාර්තාවට අනුව ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක අගය නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා පහළ ගොස් තිබෙනවා. 
 
මේ ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ ගොස් තිබෙනවා. 
 
ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට නොවැම්බර් මාසයේ දී 54.5% දක්වා පහළ ගොස් තිබෙනවා.
(colombotimes.lk)