01 December 2022
සිංහල | English

පැහැරගැනීමේ සිදුවීමක සැකකරු සොයා ගැනීමට මහජන සහය පතයි



ඉඟිනියාගල, දේවාලහිද, අම්පාර ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් ඇගේ නීත්‍යානුකූල භාරකරුගෙන් පැහැරගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා තිබෙනවා. 

දරුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2022 නොවැම්බර් මස 22 වැනි අඟහරුවාදා මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. 
 
ඉඟිනියාගල පොලිසිය මේ සම්බන්ධයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. 
 
47 හැවිරිදි සැකකරු විසින් දරුවා පැහැරගෙන ගොස් දැනට සැඟවී සිටින බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. 
 
සැකකරු පිළිබඳ තොරතුරු දන්නා මහජනතාවට 071 – 8591150 / 063 – 2242022 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)