30 September 2022
සිංහල | English

බිත්තර මාෆියාව වැළැක්වීමට යෝජනාවක්



දේශීය බිත්තර මිල අඩු කිරීම සඳහා වහාම බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. 

 
ඇතැම් වෙළෙඳුන් බිත්තරයක් රුපියල් 70කට අලෙවි කිරීමත් සමඟ පසුගිය කාලයේ බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ ගියා. 
 
දේශීය බිත්තර මාෆියාව හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ. 
 
අසාධාරණ මිල ඉහළ යාම වැළැක්වීම සඳහා බිත්තර ආනයනය කිරීමට ජනාධිපතිවරයා නියෝග කළ යුතු බව ද ඔහු සඳහන් කළා. 
 
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත ශක්තිමත් කිරීමට බලධාරීන් අකමැති බැවින් ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට යාන්ත්‍රණයක් නොමැති බවයි ඔහු පවසන්නේ. 
 
නීතිය කුමක් වුවත් කුකුළු කෑම සඳහා රත්තරන් නොදෙන බැවින් බිත්තර මිල අඩු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)