30 September 2022
සිංහල | English

ඉදිරි වසර 5ක් සඳහා ශ්‍රී ලංකාව අත්සන් තැබූ ගිවිසුම



ඉදිරි වසර 5ක් සඳහා ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ තිරසාර සහයෝගීතා සංවර්ධන ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම ගිවිසුම මඟින් කොරෝනා බලපෑමෙන් ඇතිවූ ආර්ථික අර්බුද යළි යතා තත්ත්වයට පත් කිරීමට දායකත්වය ලබාදෙන බවයි.

මෙම ගිවිසුම අත්සන් කිරීම මුදල් අමාත්‍යංශයේදී සිදු කර තිබෙනවා.

මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ ආසියා සහ පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයාද එක්ව ඇති බව සඳහන්.
(colombotimes.lk)