01 December 2022
සිංහල | English

මමීකරණය කළ ගර්භනී මවකගේ සිරුරක් හමුවෙයි



මමීකරණය ලෙස හැඳින්වෙන්නේ ඊජිප්තු වැසියන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කල්තබා ගැනීම සඳහා සිදුකරන ලද තාක්ෂණික ක්‍රියාවලියක්.

මිනිසා මරණයෙන් නැවත පණ ලබන බවට වූ විශ්වාසය හේතුවෙන් මොවුන් මළ සිරුරු ආරක්ෂා කිරීමට පෙළඹී තිබුණා.

මෙම මමී බොහෝ විට පිරමීඩ තුළ තැන්පත් කරන අතර පිරමීඩ තාක්ෂණයද ඊජිප්තුවට අනන්‍ය වූ දෙයක් ලෙස හැඳින්වෙනවා.

ඒ අනුව ඔවුන් සිදුකර ඇත්තේ ඖෂධ දැමූ සිරුරු පිරමීඩ තුළ තැන්පත් කිරීමයි.

පසුගිය දවසක මමීකරණය සම්බන්ධයෙන් විශේෂ සිදුවීමක් සිදුව තිබෙනවා.

The mummy is believed to be the first embalmed specimen known to contain a foetus, and is currently on show at the National Museum in Warsaw

ඒ අනුව පරීක්ෂකයින් කණ්ඩායමක් විසින් ඉපැරණි මමියක් සොයාගෙන තිබුණා.

අද අපි Colombo Times තුළින් කතා කරන්න සුදානම් වන්නේ එම ඉපැරණි විශේෂ සොයාගැනීම සම්බන්ධවයි.

මෙම පරීක්ෂකයින් කණ්ඩායම සොයාගෙන ඇත්තේ මමීකරණය කරන ලද ගැබිණි මවකගේ සිරුරක්.

Known as

මෙය නමින් 'The Mysterious Lady' (අභිරහස් කාන්තාව) ලෙස හඳුන්වා තිබෙනවා.

මෙම කාන්තාව පිළිබඳව පෝලන්ත පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පසුගිය වසරේ විශ්ලේෂණය කර ඇති අතර, එහිදී ඇයගේ කුසේ කලලයක් ඇති බවට සාක්ෂි සොයා ගෙන තිබුණා.

මේ අභිරහස් කාන්තාව මීට වසර 2000කට පෙර ජීවත්ව ඇති අතර ඇය ගැබ්ගෙන සති 28ක් ගතවෙද්දී මිය ගොස් තිබෙන බවට පරීක්ෂකයින් මත පළ කරනවා.

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ මිය යන විට ඇයගේ වයස අවුරුදු 20ත් 30ත් අතර විය හැකි බවයි.

මීට අමතරව ඇය ජීවත්ව සිටියදී ඇයගේ පෙණුම කෙබඳු වන්නට ඇත්දැයි පෙන්වන රූප දෙකක් නිෂ්පාදනය කිරීමට ඇගේ හිස් කබල සහ අනෙකුත් දේහ කොටස් යොදාගෙන තිබෙනවා.

Two forensic specialists, alongside researchers from the University of Warsaw, wanted to
Chantal Milani, an Italian forensic anthropologist and member of the Warsaw Mummy Project, said:

මෙම සිරුර හිමි කාන්තාව 'තීබන් ප්‍රජාවේ ප්‍රභූ පැලැන්තියෙන්' පැමිණි කාන්තාවක් බවත්, ඇයගේ සිරුර තැන්පත් කර තිබුණේ ඊජිප්තුවේ 'තීබ්ස්හි රාජකීය සොහොන්' ගෙවල්වලින් එකක බවත් සඳහන්.

ඇගේ මමිය ප්‍රථමයෙන් සොයාගෙන ඇත්තේ 1800 ගණන්වල මුල් භාගයේදීයි.

මෙය ඊජිප්තුවෙන් පිටත පිහිටි වෝර්සෝ ප්‍රදේශය වෙත 1826 දෙසැම්බරයේදී ගෙනගොස් තිබුණා.

මුලදී මෙය හෝර්-ජෙහුටි පූජකයාගේ දේහය යැයි උපකල්පනය කර තිබුණත්, මෙම මමිය කාන්තාවක් බව 2016 දී සොයා ගැනීමට සමත් වුණා.

Researchers at the Warsaw Mummy Project in Poland were carrying out a scan of the ancient corpse
Researchers at the Warsaw Mummy Project in Poland were carrying out a scan of the ancient corpse’s skull when they discovered unusual markings in the bone (indicated here in cross section scan)

ඇගේ සිරුර සොයාගන්නා අවස්ථාවේදී එය පරෙස්සමින් රෙදිවලින් ඔතා මරණින් මතු ජීවිතය දැකීමට හැකිවන පරිදි සුරතාන්ත කට්ටලයක්ද තබා තිබුණි.

මෙම කාන්තා මමියේ විශේෂත්වය වන්නේ කලලයක් ඇති බවට සොයා ගන්නා ලද පළමු මමිය වීමයි.

එමෙන්ම එය දැනට වෝර්සෝහි ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

ඇයගේ කුස තුළ සිටින ළදරුවාගේ CT රූප එය වටා ඇති ගර්භාෂයේ පටක හේතුවෙන් පැහැදිලිව දිස් නොවන බවද මෙම පරීක්ෂකයින් පවසනවා.

එම ළදරුවාගේ හිස අඟල් 9.8ක් වන අතර, එම කළලය 26 වැනි සහ 30 වැනි සතිය අතර වූවක් බව සඳහන්.

Experts at the Warsaw Mummy Project couldnThe foetus was preserved for more than 2,000 years because it was

එමෙන්ම මෙම කාන්තාව මමීකරණය කිරීමේදී, අභ්‍යන්තර ඉන්ද්‍රියන් පිටතට නොගෙන එය සිදු කර තිබීම තවත් විශේෂත්වයක් වනවා.

එසේ සිදුකිරීමට හේතුව පරීක්ෂකයින් මෙතෙක් සොයා ගැනීමට සමත් නොවූවත් ඔවුන් උපකල්පනය කරන්නේ ළදරුවා මවගේ ශරීරයේ අනිවාර්ය අංගයක් යැයි සිතා මෙසේ කරන්නට ඇති බවයි.

පුරාණ ඊජිප්තු විශ්වාසයන්ට අනුව, 'පුද්ගල නාමය' මිනිසාගේ වැදගත් අංගයක් වුවද, කලලයට නමක් ලබා දී නොතිබුණි.

The Egyptian mummy (pictured) was discovered in the early 1800s and dates back to the first century BC, a time when Cleopatra was Queen and the city of Thebes was a hive of activity

මේ අනුව, පැරණි විශ්වාසයන් අනුව නූපන් දරුවාගේ මරණින් මතු ජීවිතය සිදු විය හැක්කේ එය තම මවගේ කොටසක් ලෙස ලෝකාන්තයට ගියහොත් පමණක් බව පරීක්ෂකයින් උපකල්පනය කර තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ තවත් පිරිසක් මෙය කළලයක් නොවන බවට මත පළකර තිබෙනවා.

ඔවුන් කියා සිටියේ X-ray ස්කෑන් සහ CT රූපවල කලලයක් ලෙස පෙනෙන දෙය ඇත්ත වශයෙන්ම 'පරිගණක මිත්‍යාවක සහ වැරදි අර්ථකථනයක' ප්‍රතිඵලයක් බවයි.

Forensic experts used her skull (pictured) and other remains to produce two images showing what
The mummy was previously thought to be the remains of the priest Hor-Jehuti, until it was discovered in 2016 to be an embalmed woman
An examination using tomographic imaging revealed that the woman was between 20-30 years old when she died and was in her 26th to 30th week of her pregnancy

ළදරුවෙකු වෙනුවට ඔවුන් විශ්වාස කරන්නේ එය කාන්තාවගේ ආමාශය තුළ ඇති 'මමීකෘත අවයවයක කොටසක්' බවයි.

නමුත් පරීක්ෂණ කණ්ඩායම සඳහන් කළේ කලලරූපයේ පිහිටීම සහ උපත් ඇළ වසා ඇති ආකාරය මත පදනම්ව, මෙම ආර්යාව දරු ප්‍රසූතියේදී මිය ගොස් නැති බවත්, පිළිකාවක් හේතුවෙන් මියගොස් ඇති බවත්ය.

ඒ, පර්යේෂකයන් විසින් ඉපැරණි මළ සිරුරේ හිස් කබලේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරමින් සිටියදී අස්ථිවල පිළිකාව පෙන්නුම් කරන අසාමාන්‍ය සලකුණු සොයා ගැනීමත් සමඟයි.

ඒ අනුව මෙමඟින් පෙන්නුම් කරන්නේ පුරාණ ඊජිප්තු සංස්කෘතිය තුළ තිබූ විශේෂ තාක්ෂණික හැකියාවයි.

These are the earliest drawings of the mummy casing, dating back to the 1800s when the mummy was first taken to Poland

එනම් ඔවුන් සිරුරේ තිබූ වැදගත් අවයව සියල්ලම ඉවත් කරමින් මමීකරණය සිදුකරන බැවින් මමියක් යනු හමින් වැසුණු මළ සිරුරක කවරයක් පමණක් වනවා.

අනික් අතට ඒ කොටස සංරක්ෂණය කර ඇති ආකාරය අනුව, අදටත් බොහොම පහසුවෙන් ඒ සිරුරු වල මරණ පරීක්ෂණ පැවැත්වීමට හැකියි.

ඒ අනුව අනෙක් මනුෂ්‍ය ශිෂ්ඨාචාරවල නොතිබූ විශේෂ හැකියාවක් ඊජ්ප්තුවරුන් හට තිබූ බව පැවසිය හැකියි.

එම ශිෂ්ඨාචාරවල තිබූ තවත් විශේෂ දේවල් පිළිබඳව දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)