28 November 2022
සිංහල | English

නිල සංචාරයකට ජනපති දිවයිනෙන් පිටව යයි



ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට නියමිත බවයි.

අනතුරුව වත්මන් ජපාන අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා මෙන්ම එරට මුදල් අමාත්‍යවරයා සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්වීමට නියමිත බව වාර්තා වනවා.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමඟ මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
(colombotimes.lk)