30 September 2022
සිංහල | English

බ්ලූස් කණ්ඩායම සමග රෙඩ්ස් කණ්ඩායම තරග වදින අවසන් සටන අද



ලීග් තරග වටයේ අවසන් දිනයේ පැවැති තරගකාරී බව අතුරින් බ්ලූස් පිල සමග අවසන් මහ තරග අවස්ථාව දිනාගැනීමට කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායම සමත්වුණා. 

 
ඒ අනුව ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතා කුසලාන වෙනුවෙන් අද (15) රාත්‍රී 7.30 ට දෙපිළ අතර අවසන් තරගය පැවැත්වෙනවා. 
 
ජාතික කණ්ඩායමේ තරු රැසක් පිරිවරමින් පැවැත්වෙන මෙම අවසන් මහ තරගය කිසිඳු මුදල් අය කිරීමකින් තොරව පැවැත්වෙන බැවින් තරගය නැරඹීමට බලාපොරොත්තු වන සියල්ලන්ටම ක්‍රීඩාංගණයට පැමිණ නරඹන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා. 
 
බ්ලූස් කණ්ඩායම – 
ධනංජය ද සිල්වා (නායක), සදීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු උදාර, ළහිරු මරකෝන්, අෂේන් ඩැනියල්, නිපුන් රන්සික, සිතාර ගිම්හන්, ජනිත් ලියනගේ. 
 
රෙඩ්ස් කණ්ඩායම – 
කුසල්‌ මෙන්ඩිස් (නායක), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු මදුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, පබසර වඩුගේ, කලන පෙරේරා, කෙවින් කොත්තිගොඩ, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය.
(colombotimes.lk)