25 March 2023
සිංහල | English

තුර්කියේ භූමිකම්පාවෙන් සිදුවූ මරණ 5,000 ඉක්මවයි (VIDEO)



ඊයේ (06) සිදුවූ භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වනවා. 

 
තුර්කියේ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 3,419ක් බව සඳහන්. 
 
මීට අමතරව 20,534ක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 6,000කට ආසන්න ප්‍රමාණයක් කඩා වැටී තිබෙනවා. 
 
එමෙන්ම සිරියාවේ මරණ සංඛ්‍යාව 1,602 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සඳහන්.
(colombotimes.lk)