29 November 2022
සිංහල | English

ලොව ප්‍රථම පියාසර කරන ත්‍රීරෝද රථය



ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තෙල් අර්බුදය හේතුවෙන්, තෙල් පෝලිම් වල සිටින ත්‍රීරෝද රථ මිනිසුන් අතර කතා බහට ලක්වූ කරුණක් වනවා.

ඒ වගේම තමයි ත්‍රීරෝද රථය හාස්‍ය උපදවන මාතෘකාවක් බවට පත්වී අවසන්.

නමුත් අපි අද කතා කරන්නේ තුන්රෝද රියක් ගැන තමයි හැබැයි තෙල් පොලිමේ වැඩිපුර දැකපු, අපි ගමන් බිමන් යන්න පාවිච්චි කරන ත්‍රීරෝද රථය නෙමේ.

රෝද තුනක් යොදාගෙන නිර්මාණය කරපු, මහාමාර්ගයේ ධාවනය වන, ගුවනේ පියාසරන කරන දෙමුහුන් නිර්මාණයක් ගැනයි.

එම රථය නමින් Switchblade flying SPORTSCAR ලෙස හැඳින්වෙනවා.

While on the ground, the Switchblade taxis on its three wheels and, at only 16.8 feet (5.1 m) in length and 6 feet (1.8 m) wide, is small enough to fit in a garage

වසර 14ක සංවර්ධන ක්‍රියාවලියකින් අනතුරුව මෙම රථය නිපදවූ අයට පළමු වරට පියාසර පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සැම්සන් ස්කයි විසින් නිර්මාණය කරන ලද මෙම මූලාකෘති වාහනය පළමු වරට සිය පියාසර පරීක්ෂණයට මුහුණ දීමට සියල්ල සැලසුම්කර අවසන්.

මෙහි විශේෂත්වයක් වන්නේ එහි රෝද තුනේ Switchblade හැකිලිමෙන් මෙම වාහනය, කුඩා ගරාජයක් තුළට ඇතුල් කළ හැකි වීමයි (දිග අඩි 16.8 (මීටර් 5.1) සහ පළල අඩි 6 (මීටර් 1.8) පමණ වන).

Samson Sky are developing a number of other versions of the Switchblade, including the the Snowbird, for colder climates, the Trek, designed for heavy-duty landing, and the Aurora, which combines the Snowbird and Trek

නමුත් එය ගුවන් තොටුපළකට ළඟා වූ පසු එහි පියාපත් පිටතට විහිදී මිනිත්තු තුනකට අඩු කාලයකදී රථයට පියාසර කිරීමට අවශ්‍ය අවකාශය සකස් කර දෙයි.

එමෙන්ම මෙය එක්සත් ජනපද රජයේ ගුවන් සේවා අධිකාරිය වන Federal Aviation Administration (FAA) වෙතින් රබර් මුද්‍රාවද ලබා ගැනීමට සමත්වී තිබීම තවත් විශේෂත්වයක්.
(Federal Aviation Administration (FAA) යනු එක්සත් ජනපදයේ විශාලතම ප්‍රවාහන ඒජන්සිය වන අතර රට තුළ මෙන්ම අවට ජාත්‍යන්තර මුහුදේ සිවිල් ගුවන් සේවා පිළිබඳ සියලු අංශ නියාමනය කිරීම මෙමගින් සිදු කෙරේ.)

Last month the Switchblade received the rubber stamp from the Federal Aviation Administration (FAA), the US gove ment aviation authority, to begin the testing process

Switchblade රථය තවමත් අත්හදා බැලීම් මට්ටමේ පැවතුනත්, රටවල් 52 කින් සහ ඇමරිකාවේ පුද්ගලයින් 2,100 ක් සඳහා විකිණීමට දැනටමත් වාහන කට්ටල වෙන් කර ඇති බවද එම ආයතනය සඳහන් කළා.

මෙම රථය පැදවීමට රියදුරු බලපත්‍රයක් අවශ්‍ය වන අතර එය පියාසර කිරීම සඳහා වෙනම නියමු බලපත්‍රයක්ද ලබා ගැනීමට සිදුවනවා.

මෙය අනෙක් වාහන වලින් වෙනස් වීමට අදාළවන කරුණක් වන්නේ රථය එකවරම මාර්ගයෙන් ඉවතට ගැනීමට හැකිවීමයි.

Switchblade මාර්ගයේ ධාවනය වන, උපරිම ධාවන වේගය පැයට සැතපුම් 125 (පැයට කි.මී. 201) ඉක්මවන අතර සැම්සන් ස්කයි පවසන්නේ එය 'ඉහළ කාර්ය සාධනයක් සහිත ක්‍රීඩා මෝටර් රථයක් ලෙස වංගු හරහා ඉතා සියුම් ලෙස ධාවනය කරන' බවයි.

නමුත් එය අහසට යන විට එය පැයට සැතපුම් 200 (පැයට කිලෝමීටර 305) දක්වා ඉහළ ගොස් අඩි 13,000 (කිලෝමීටර් 4) ක උසකට ලඟාවිය හැකියි.

එහි ලීටර් 113 ඉන්ධන ටැංකියක් ඇති අතර, එය සම්පුර්ණයෙන් පිරවූ පසු සැතපුම් 450ක (කිලෝමීටර් 724ක්) දුරක් ආවරණය කිරීමටද එයට හැකියාව තිබෙනවා.

ගමන අවසන් කර රථය ගොඩබෑමෙන් පසු, වාහනයේ ගුවන්ගතවන ස්වරූපය වෙනස් වී, සාමාන්‍ය වහනයක් පරිදි සකස් වේ.

According to the Oregon-based company, 2,100 people from 52 countries and all 50 states of America have already reserved a vehicle kit for when it is finally approved to go on sale

මෙම වාහනය නිපදවීමට ඩොලර් 170,000 (£145,000) පමණ වැය වී ඇති අතර එන්ජිම, සම්ප්‍රේෂණ උපකරණ, ගුවන් යානා අභ්‍යන්තරය නිපදවීමේ අංග සඳහා යන වියදමද එයට ඇතුලත් වේ.

තවද මෙම මෝටර් රථය ශබ්ද පද්ධතියක්, කැමරාවක් සහ ඩිජිටල් උපකරණ රැසකින් සමන්විත වනවා.

එමෙන්ම මෝටර් රථය සඳහා පැරෂුටයක් ඇතුළු ගුවන් යානයක් සඳහා වූ ආරක්ෂක උපකරණ රැසක්ද ඇතුලත් කර තිබෙනවා.

The maximum driving speed of the Switchblade is over 125 miles per hour (201 km per hour), and Samson Sky claims it

කලාකරුවන් අනාගතය ගැන දැකපු එක් සිහිනයක් වන පියාඹන කාර් සංකල්පය සඳහා තමන් Switchblade හරහා පාර විවෘත කළ බව මෙය නිර්මාණය කළ පුද්ගලයන් පවසනවා.

ඔවුන් සඳහන් කළ පරිදි මේ ගෙවෙන්නේ ඒ කලාකරුවන් සිහින මැවූ අනාගතයේ ආරම්භයයි.

The car is kitted out with a range of features, including a sound system, reversing camera and a digital instrument display. Various safety features are also included, such as a parachute for the whole car, rollover protection and crumple zones

ඉතින්., ඒ අනුව අපේ සිහිනවල තිබූ අනාගතය, අප ඉදිරියේ සැබෑවක් වීම මෙම මෝටර් රථය තේමාව කරගනිමින් සිදුවිය හැකියි.

ඒ අනුව මේ රෝද තුනේ ත්‍රීරෝදරථය ලෝකයේම රථවාහන සංකල්පයේ හැරවුම් ලක්ෂය වනු නොඅනුමානයි.

එතෙක් මෙවැනිම තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMBO TIMES 





flying SPORTSCAR