25 March 2023
සිංහල | English

ගුරු විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීමේදී විෂමතාවයක් වූ බවට HRCSL වෙත පැමිණිල්ලක් (VIDEO)



2022 වර්ෂය වෙනුවෙන් ගුරු විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේදී සිදුවූ විෂමතාවයක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. 

 
මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ නීතිඥ සුගන්දිකා ප්‍රනාන්දු මහත්මිය සහ නීතිඥ සාෆි ස්මයිල් මහතා විසින්. 
 
එනම් ක්‍රිස්තියානි, කතෝලික සහ සලාම් ආගම විෂය සම්බන්ධයෙන් 2016, 2017 සහ 2018 වසර සඳහා ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය අනුව සමානව බඳවා ගැනීම් සිදුකර තිබෙනවා. 
 
නමුත් 2022 වසරේ නව ගැසට් නිර්දේශය අනුව එය සම්පුර්ණයෙන්ම වෙනස් කර අත්තනෝමතික ලෙස බඳවා ගැනීම් සිදුකර ඇති බව සඳහන්.
(colombotimes.lk)