09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

රාජ්‍ය ආයතන වල වියදම් ගැන චක්‍රලේඛයක්



රාජ්‍ය ආයතන වල විවිධ උත්සව සඳහා දරන ලද වියදම් අත්හිටුවමින් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. 

ඒ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින්. 
 
පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ ඒවායේ විෂය පථයට අදාළ සිදුවීම් මෙන්ම අනෙකුත් බාහිර සිදුවීම් සඳහා මුදල් වියදම් කිරීම අත්හිටුවීමට පසුගිය ජුනි 13 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. 
 
කෙසේ වෙතත් අදාළ නීතිරීතිවලට පටහැනිව තවමත් එවැනි වියදම් සිදුකරන බවට වාර්තා වී ඇති බවයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසන්නේ. 
 
ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසාය, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විවෘත කිරීමේ උත්සව සහ අනෙකුත් උත්සව සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකළ යුතු බව ලේකම්වරයා ප්‍රකාශ කරනවා.
(colombotimes.lk)