09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

අමිතාබ් බච්චන් ව කොපි කළොත් නඩු



ප්‍රවීණ ඉන්දීය නළු අමිතාබ් බච්චන්ගේ කටහඬ, රූපය, නම හෝ ඔහුට පමණක් හඳුනාගත හැකි වෙනත් ගති ලක්ෂණ ඕනෑම පුද්ගලයකු විසින් අනවසරයෙන් භාවිත කිරීම වළක්වාලමින් දිල්ලි මහාධිකරණය ඊයේ (25) අතුරු නියෝගයක් නිකුත් කළා. 

ඒ තම නම, රූපය සහ කඩහඬ මෙන්ම තම පෞරුෂත්වය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඔහු ගොනුකළ නඩුවකට අදාළවයි. 
 
අම්තාබ් බච්චන්ගේ නම සහ ඡායාරූප විවිධ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ඔහුගේ අනුදැනුමකින් තොරව යොදා ගන්නා සිද්ධීන් වාර්තා වී ඇති තිබෙනවා. 
 
ඒ අනුව එය අවභාවිතයට ගැනීම වැළැක්වීමේ අරමුණින් අමිතාබ් විසින් මෙවැනි පියවරක් ගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.
(colombotimes.lk)